උඩින් පෙන්නේ ඒ වගේ කලාත්මක ඇසකින් නිර්මාණය උන රුප දෙකක්. හැබැයි මේ දෙකම අපේ රටේ, Sri lanka වේ අය හදපුවනම් නෙමෙයි. ඔන්න එතකොට හිතෙනදෙයක් තමයි අයි ලංකාවේ යට මේවා බැරිද කියල.ඇත්ටටම බැරි කමක් නෑ, ලංකාවේ මීට වඩා දක්ෂ Photoshop කාරයෝ ඉන්නව ගොඩක්.හැබැයි ඊට වඩා Photoshop ගිරවු ඉන්න ඒක තමයි ලංකාවට හෙනහුරා වෙලා තියෙන්නේ.අද අපේ ලංකාවේ ඉන්නේ කලාත්මක ඇසක් තියන Photoshop කාරයෝ නෙමෙයි. රක්සාවක් හොයාගන්න Photoshop කඩවලට ගිහින් Photoshop පොවා ගත්ත ගිරවු set එකක්.ලොකුවට board එකක් දාල පත්තරේ ලොකුවට add එකක් දාල ඔන්න පටන් ගන්නවා මාස 2න් ගිරා Photoshop කාරයෝ හදන්න.අන්තිමට ඉතින් තනියෙන් Photoshop ඉගෙන ගන්න ආස කෙනෙකුට උනත් එපා වෙනවා මේ ගිරවු කරන වැඩ දැක්කම. Face Book එකට එහෙම ගියාම ඔයාලට ඕනෑතරම මේ වගේ ගිරවුන්ගේ සහ වැඩකට නැතුව කාලය කකා post හදන අය හොයා ගන්න පුළුවන්. අනේ මේවා දැක්කම මටනම් මේ Photoshop කඩකරයොන්ගේ ගෙවල්වලට Dynamite දෙක තුනක් හයි කරලා ගෙදර ඉන්න වෙලාවක් බලල ගිනිකුරක් ගහන්න හිතෙනවා.
ඉතින් ඔන්න ඕක තමයි දැන් ලංකාවට වෙලා තියෙන ලොකුම කරදරය.කලාව ගොඩ දාන්නා Photoshop යොදාගන්නවා නෙමෙයි.Photoshop යොදාගෙන සල්ලි ගොඩවල් ගහ ගන්න හදන එක තමයි වෙන්නෙ.ඔන්න ඉතින් Tracyට ගුවන් ගත වුන වෙලාවක ඇහුන, මේ වගේ ගිරා Photoshop කාරයෙකුගේ රසබර කතාවක් මතක් උනා.කතාව වෙලා තියෙන්නේ පානදුරේ පැත්තේ Studio එකක.මේ studio එකට එනවලු එක එක විදියේ Photoshop වැඩ වගේම Printing වැඩ. ගොඩක්ම මංගල ජයාරූප සංස්කරණය, උපන්දින සාද වල ජයාරූප කරණය සහ සංස්කරණය වගේ දේවල් තමයි සිද්ද වෙන්නේ.තව ඉදල හිටලා අවමංගල ජායාරුප සස්කරණයත් සිද්ද වෙනවලු. ඉතින් මේ Studio එකට අලුතින් Photoshop දන්න කෙනෙක් ඕන වෙලා එහෙම කෙනෙක්ව බදවා ගත්තලු. පොරට සහතික දෙකක්ම තිබුනලු Photoshop විකුණන කඩ දෙකකින්ම ලැබුන.ඉතින් දවස් තුනක් විතර යනකොට මිනිහට වැඩ දෙක තුනක්ම ලැබුනලු.දෙන දෙන wedding photos හෝ හෝ ගාල edit කරලා මිනිහ එවනවලු.මොකක් දුන්නත් ගිරවා වගේ colors හදල රෝස මල් දාල උඩින් hart එකක් එහෙම දාල පට පට ගල print එකට යවනවලු.මේ සේරම අස්සෙ පානදුරේ පරණ පාරට වෙන්න ගෙදරක තරුණ කාන්තාවක් අභාවප්ප්රාත්ත උනාලු.එකේ මළගෙදරට තියන Photo එකේ edit එකක් අවේ මේ studio එකටමලු.ඉතින් මම දැන් කතාවේ ඉතිරි ටික කියන්න ඕන නෑ නේද.කට්ටියට මැවිලා පේනවා ඇති නේද.පොර මල් රෝස මල් දාල මගෙනුත් එකක් කියල hart දෙකක්ම දැම්මලු හිටපු ගනු කෙනා ලස්සන නිසා.Print කලාට පස්සේ හදිසිය නිසා බලන්නෙත් නැතුව ඔතල කරලා කඩේ වාහනේ එලවන පොරට දුන්නලු address එකත් එක්ක ගිහින් මැරුණු කෙනාගේ පෙට්ටිය ලගින්ම තියල එන්න කියල. පැය 5 ක් විතර යන්න ඇති set එකක් බස්සලු Studio එකට. කඩේ අයිති කාරයාගේ shirt එකෙන් අල්ලලා set එකම මාරුවෙන් මාරුවට හොලව හොලව ඉදල ගියා කියල තමයි ආරංචි උනේ.
ඉතින් ඔන්න ඕකතමයි අද ලංකාවේ art එකට වෙලා තියන දේ. Photoshop විතරක් නෙමෙයි හැම පැත්තෙන්ම.චිත්රපට සංස්ථාව, ජයාරූපකරණය, දැන්වීම් ප්රචාරණය, මේ සේරම කට්ටිය අනාගෙන තියනවා කියලනම් ඕන කෙනෙකුට දැක්කම පේනවා.ඉතින් ඔන්න අද Photoshop ගැන ටෝk එක මෙතනින් නවත්තන්න හදන්නේ.එහෙනම් ඉතින් ඉස්සරහට මම ගුවන්ගත වෙලා තව තව දැකපු දේවල් ඔයාල එක්ක බෙදා ගන්න එන්නම්.