Tuesday, January 28, 2014

Online ජොබ්

tracy මල්ලි blog එකක් ලියන්න පටන් ගත්ත විතරයි, exam පදුරකට පයින් ගහල ඒක ඇවිලුන නිසා අයෙත් ලියන්න ලැබුනෙ අද.tracy මල්ලි නම් ඔන්න අවුරුදු තුනක් කට්ට කාල කාල campes එකෙන් එලියට පැනගත්ත. ඇත්තටම ඒක කට්ටක් වෙන්නේ lecture එකකදියි exam එකකදියි විතරයි.යාලුවො එක්ක අනෙක් වෙලාවට  කල දේවල් මතක් කරලා තාම හිනා වෙන්න පුළුවන්.දැන් campuse වැඩත් නැති නිසා job කට්ටක් හොයා ගන්නකන් පොඩ්ඩක් අතට ගානක් හොයා ගන්න තමයි tracy මල්ලි හදන්නේ.වෙන මොනවත් විදියකින් නෙමෙයි online job එකක් කරල රෑට 60 කෑම එක නැතුව chicken rice එකක් කන්න පොඩි ගානක් හොයා ගන්න තමයි try එකක් දන්නේ.ඉතින් ඔයාලටත් කියන්න හිතුන කොහොමද online ජොබ් වැඩේ පටන් ගන්නෙ කියල.



පොඩ්ඩක් කියවන අයගේ හිත හදන්න හිතුන නිසා online ජොබ් එකක් ගැන පොඩ්ඩක් කියන්නම් ඉස්සරවෙලා. ඇත්තටම් ජොබ් එකක් හොයා ගන්න මුලදිනම් පොඩ්ඩක් අමාරුයි. හැබැයි වැඩේ අල්ලගත්තට පස්සේ හෝ හෝ ගාල වැඩ වගේම ගානකුත් එන්න පටන් ගන්නවා.ඇත්තටම මේක හරියන්නෙ දෙපාරක් තුන්පාරක් try කරල මේක හරියන වැඩක් නෙමෙයි කියන අයටනම් නෙමෙයි.පොඩ්ඩක් charter එක කාල වැඩක් කරන්න පුළුවන් අයට.

ඉස්සර වෙලාම කරන්න ඕන online ජොබ් දෙන agency site එකක් හොයාගන්න.වැඩේ කරන්න කැමති අය මට message එකක් දාන්න මම දන්නා site වල නම් ටික මම එවන්නම්. එතනින් පස්සේ තමන් මොනවද කරන්න දන්නේ කියල දාල profile එක හදා ගත්තට පස්සේ ඒ ඒ site එකට අවේනික විදි වලට job වලට apply කරන්න තමයි තියෙන්නේ. මෙතැනදී මුලදී job එකකට apply කරන විදිය හොයාගන්න ටිකක් අමාරුයි.හැබැයි හෙමිහිට ඒක අල්ල ගන්න පුළුවන්.ඔන්න ඊට පස්සේ තමයි කට්ට set වෙන්නේ. හැමතැනකම වගේ මෙතනත් අලුතෙන් එන driver ලට plane එලවන්න දෙන්නේ නෑ වගේ, අලුතෙන් එන අයට වැඩ දෙන්නේනම් ගොඩක් අඩුවෙන්.කම්මැලි කම පැත්තකින් තියල එක දිගට apply කරල job එකක් හොයා ගත්තනම් දිගටම වැඩ එන්න පටන් ගන්නවා.හොදම දේ ඉවසිල්ලෙන් වැඩක් එනකන් බලන් ඉන්න එක.



ඉතින් කොහොම හරි වැඩක් set උනොත් සල්ලි ගැන බලන්නේ නැතුව පලවෙනි වැඩේ කරන්න තියෙන්නේ.වැඩ දෙන්නේ පිටරට drivers ල නිසා කඩ්ඩෙන් තමයි chat එක යන්නේ. එහෙම කියල බය වෙන්න දෙයක් නම් නෑ. මොකද අපේ අය දන්නවා සුද්දොන්ට වඩා කඩ්ඩ.

දැන් ඔයාල බලනවා ඇති වැඩක් කලාම සල්ලි ගෙන්න ගන්නෙ කොහොමද කියල.මේක කියවන්නේ තාම එක වැඩක් වත් set කර ගත්තේ නැති කෙනෙක් නම් සල්ලි ගෙන්න ගන්න කලින් වැඩක් කරලා සල්ලි අර ගන්න එක තමයි ඉස්සර වෙලාම කරන්න ඕන. එක නිසා සල්ලි ගන්න විදි ගැන හිතන්න එපා.හැම online job agency එකකටම ඒ අයගේ policy තියනවා සල්ලි හුවමාරු කර ගන්න විදිය ගැන ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්න. ඒක නිසා ඔන්න වැඩේට ආස අය ඉන්නවනම් දැන්ම වැඩේ පටන් අරන් සල්ලි හොයා ගෙන තමන්ට ඕන විදියට වියදම් කරලා තමන් ආස දේවල් ගන්න පුළුවන් විදියක් තමයි මේක.එහෙනම් අලුතෙන් online ජොබ් පටන් ගන්න අයට ජොබ් set වෙන්න කියල post එක නවත්තනවා.

Friday, November 1, 2013

ඉන්ටview

ජොබ් කට්ටක් හොයාගන්න කලින් interview කියල දෙයක් තියනවා කියල tracy මල්ලි දැනගත්තේ A/L කරන්න ගත්ත කාලේ.ඒ වෙනකන් හිතන් හිටියේ A/L කරලා campus ගියගමන් ජොබ් එකක් කකුල් දෙකටම ගෙනත් දෙනවා කියල.ඔන්න ඉතින් අද tracy මල්ලි ටෝක් කරන්න යන්නේ tracy මල්ලිගේ පලවෙනි interview එක ගැන. ඇත්තටම ඔයලටත් ඉස්සෙල්ලම interview එකකට යන්න ඉන්නවනම් මේක කියවල පොඩි අදහසක් මේ talk එකෙන් ගන්න.අන්තිම හරියට වෙන්න ඔයාලට interview එකකට වැදගත් වේවි කියල හිතෙන talk ටිකක් එකතු කරලත් තියනවා.ඉතින් tracy interview එකක් දැක්ක විදිය ඔයාලට කියන ගමන් interview එකකට යන විදියත් එහෙන් මෙහෙන් කියන්න හදන්නේ.




ඇත්තම කියනවනම් tracy ට campus එක ඉවර වෙනකන් job එකකට යන්න කිසිම උවමනාවක් තිබුනේ නෑ.මොනම විදියකින් හරි degree කොලේ රෝල් කරලා අර ගන්න තමයි උවමනාව තිබුනේ.මාරාන්තික repeat exams ගොඩක් සහ තවත් semester exams මල්ලක්ම තියනවා කරන්න tracy මල්ලිට.ඉතින් ඔය අස්සේ tracy මල්ලිගේ ඉස්කොලේ fit එකක් වගේම campus එකේත් fit එකක් වෙන අයිය කෙනෙක් tracy මල්ලිගේ CV කොලේ ඉල්ලගෙන දැම්මලු ඒ අයිය වැඩකරන කන්තෝරුවට.කන්තෝරුව මොකද්ද කියලනම් කියන්න බෑ බෑ වගේ.උදවු කරපු අයියගේ card එකනම් tonka.දැම්මට මොකද ඕවට Interview කතාකලොත් තමයි පුදුමේ කියල හිතන් tracy මල්ලි පාඩුවේ photoshop පාරක් එහෙම කරගෙන මාසයක් විතර ඉන්නකොට සදුදා දවසක උදේ 9.00 පහුඋනා විතරයි call එකක් ආව කනට මීපැණි දානවා වගේ කටහඩකින්.tracy මල්ලිට සතුටේ බැරුව කවදාවත් නැතුව දන්නේ නැති number එකකින් කෙල්ලෙක් කතාකරනවා ඇහුණාම.ටික වෙලාවක් කතාකරන කොටතමයි tracy මල්ලිගේ කනට පරිප්පු හොදි වැටෙන්න ගත්තේ.මුලින් හලෝ කියල පටන් ගත්ත ගෑනු ළමය මෙන්න කඩු ශිල්පය දන්නා පටන් ගත්ත.මොන කරන්නද tracy මලිත් දන්න විදියට කඩුව හිමිට දාල බැලුවම තමයි තේරුනේ මේ කතා කරන්නේ interview එකට කියල.කරකවල පොලවේ ගැහුවා වගේ tracy මල්ලිව දඩ බඩ ගාල ගැහෙන්න ගත්ත.කොහොම හරි seen එක වෙන්නේ 10.00 ට කියන එකයි තියන තැනයි, දවසයි අමාරුවෙන් අහ ගත්ත.tracy මල්ලි campus එකක ගියපු workshop එකක් කරපු pilot කෙනෙක් කියල තිබුන ඔය විදියට call කලොත් කතා කල කෙනාගේ නම අහ ගන්න කියල.ඉතින් ඕන එකක් කියල කතාකරන කෙනාගේ නමයි phone number එකයි දෙකම ඉල්ලා ගත්තට.ජොබ් එක නැතත් phone number එක හරි තියනවනේ.(කතා කර කෙනාගේ නම ගම අහගන්න එක්ක කොච්චර වටිනවද කියල ඉස්සරහට බලාගන්න පුළුවන් ඔයාලට.) ඉතින් ඔන්න දැන් tracy මල්ලි දස අතේ කල්පනා කරනවා interview එකට යනවද නැද්ද කියල.tracy මල්ලිට උපදෙසක් ගන්න යාලුවෙක්කුත් නෑ ඒ වෙලාවේ.ඉන්න එකම යාලුවත් හොදටම busy.ඕන එකක් ප්‍රීති වෙසක් කියල හෙට යනවා කියල හිතා ගෙන පොඩ්ඩක් හොයල කරලා බැලුව යන විදිය එහෙම.(ඔන්න පහළ තියනවා අදින්න ඕන විදිය interview එකකට යන කලින්)





ඔන්න ඉතින් ඊලග දවසේ උදේ tracy මල්ලි යාලුවො set එකකගේ bording එකක ඉදන් තමයි interview එකට යන්න ලෑස්ති උනේ.ඇත්තටම මේ වගේ වෙලාවක යාලුවෝ set එකක් ඉන්නව කියන්නේ ඕනෑම කෙනෙකුට ලොකු හයියක්.set එකම ඉතින් පුළුවන් හැම විදියටම උදවු කලා.bullet රෑ නොබලා කලිසමක් හොයා ගන්න hire එකක් ගියා.kandy යන පාරවල් interview එකේ අහන කියන දේවල් ගැන පොඩි හෝඩුවාවවල් දෙකතුනක් දුන්න.kawa ත් tracy කොන්ඩේ එහෙම කපාගත්තනම් හොදයි නේද කියල උපදෙසක් දුන්න.(bullet, kandy, kawa කියන්නේ tracy මල්ලිගේ plane එකේ යන බොක්කෙ යාළුවො set එකේ ඉන්න තුන්  දෙනක් ගේ campus එකේ IDs.). කරන්නම බැරිදේ තමයි කොන්ඩේ කපන එක.tracy මල්ලිගේ පිටිපස්සෙන් පොඩි කොන්ඩ කැල්ලක් තියනවා රිතික් රෝසන් ගෙ වගේ add එකට.ගෙදරින් බැනුම් අහල ගොඩක් කරදර මැද්දේ වවපු කොන්ඩ කැල්ලක්.


කොහොම කපන්නද tracy මල්ලිගේ කොන්ඩ කෑල්ල.හිත හදාගන්න බැරි තැන කොන්ඩ කෑල්ල හංගන්න යන්න තීරණය කර ගත්ත.දැන් tracy මල්ලි Interview එකට යන්න හදන්නේ.කලිසම එකෙක්ගේ, shirt එක තව කෙනෙක්ගේ, belt එක තව කෙනෙක්ගේ.ඇදුම් ටිකත් ඉක්මනට iron පාරක් දාගෙන certificate file එක හදා ගන්න වැඩේ bus එකේදී කරන්න හිතාගෙන tracy මල්ලි bording එකෙන් පිටත් උනා.Bus එකෙන් කිරිබත්ගොඩට ගිහින් CV එක print කරන්න හදන කොට තමයි tracy මල්ලිට මතක් උනේ pen එකේ CV එක නෑ කියල.කලින් දවසේ tracy මල්ලි යාලුවගෙන් හොද බැනුමක් අහපු නිසා ඒකෙ අවුලට CV එක desktop එකට copy කරලා තමයි නිදා ගෙන තියෙන්නේ.දැන් මොන කරන්නද CV එක ඉල්ලුවොත් ඔයාලට එවුව ආයිමත් tracy මල්ලිගෙන් ඉලන්න එපා කියල වත් කියන්න හිතාගෙන Bus එකට set උනා.Bus එකේ යන ගමන් තිබුන certificate වල හැඩ බල බල certificate file එකත් ගානට හදාගත්ත. 





දැන් තියෙන්නේ interview එකට යන්න කලින් අදාල තැනට යන්න pass එක ඉල්ලා ගන්න.තව විනාඩි 45ක්ම තිබුන නිසා හිමීට pass එක දෙන තැනට ගියා."අය්යියේ 9027......V number එකට තියන pass එක දෙන්න."මල්ලි එහෙම කෙනෙක්ට pass එකක් ඇවිත් නෑ අපිට." ඔයාලට හිතාගන්න පුළුවන් නේද tracy මල්ලිට මොකක් හිතෙන්න ඇතිද කියල. මොකුත් හිතුනේ නෑ, tracy මල්ලි ලගම තියන toilet එක හොයාගෙන දිවුව බයට ආපු දේවල් දාල එන්න.දැන් කාට කියන්නද මේ දුක,,,, කල්පනා කරනකොට tracy මල්ලිට මතක් උනා කතාකරපු කෙල්ලගේ නම.යන්තම් bullet ට පින් පිණිස interview එකට කතා කරපු ගැහැනු ළමයාගේ number එක ඉල්ලා ගත්ත.pass එක එවල තියන්නේ වෙන තැනකට.call එකක් දීල විනාඩි 15 කින් pass එක ගෙන්න ගත්ත.යන්තම් workshop එක කරපු pilot anty ට පින්සිද්ද වෙන්න ඇතුලට යන්න පුළුවන් උන.ඉතින් ඔයාලටත් Interview වලට call කලොත් මතක් කරලා කතාකරන කෙනාගේ විස්තර ලියාගන්න.මොකට කතා කරන ශ්‍රී ලංකා telecom number එකට call කලා කියල වැඩක් වෙන එකක් නෑම තමයි නිසා. ඔන්න සේරම හරි ගස්සන් interview එකට හති දාගෙන ගියාට interview එක පටන් ගන්නේ 10.30 කියල දැන ගත්ත නිසා tracy මල්ලි tie එකෙන් මුණ පිහිදාගෙන වාඩි වෙලා එතන හිටිය කෙල්ලෝ දිහා බල බල හිටිය.


Mr.(tracy මල්ලිගේ නම) ඔයාද? ඔයා එන්න කියල කියුව ලස්සන කෙල්ලෙක් ඇවිත්.ලොකු බයක් තිබුනේ නම් නැති උනාට මොකද්ද මේ වෙන්න යන්නේ කියල බලන්න tracy මල්ලි file එකට අතට අරන් ඇතුලට ගියා.ඇතුලේ වැඩි වෙලා ඉන්නවා interview එක අරගෙන යන pilotල තුන්දෙනෙක්, tracy මල්ලි දිහා හිනාවක් එහෙම දාගෙන.Morning කියල අතට අත දීල කරලා tracy මල්ලි වාඩි උනා ඉතාමත් සංවරව. ඔන්න දැන් වැඩේ පත්තු වෙන්න යන්නේ.tracy මල්ලි ගැන කියන්න කියල ඔන්න එක pilot කෙනෙක් interview වැඩේ පටන් ගත්ත.tracy මල්ලිත් එන්න කලින් කටපාඩම් කර ගත්ත ඒවා ටිකක් මතක් කරල කඩු පාරවල් දෙක තුනක් දැම්ම. වැඩේ දරුණු නෑ කියල ඔන්න ටිකක් වෙලා ගියාම tracy මල්ලිට තේරෙන්න ගත්ත.tracy මල්ලිගේ campus එකේ poss අය කතා කරන ඉංගිරීසි වගේනම් නෙමෙයි තුන්දෙනාම කියන දේවල් අමාරුවක් නැතුව තේරෙනව කියල.ඉතින් මේ ගමන්ම ඒ තුන්දෙනාටම බොහොම ස්තුති කරනවා tracy මල්ලි ගැන හිතල අමාරු ප්‍රශ්න ඇහුවට ඒවා තේරෙන්න අහපු නිසා. ඉතින් අහපු ඒවානම් ඔයාලට වැඩක් වෙන එකක් නෑ.degree එක ගැන පොඩ්ඩක් ඇහුව, තව බාහිර කරපු දේවල්, computer එක ගැන දන්නේ මොනවද වගේ දේවල් ඇහුව.මොනවා කරලා ගියත් වැඩිපුරම එයාල අහන්නේ එයාලට ඕන කරන දේ විතරයි.මෙතනට ආවම ඔයා කොහොමද වැඩකරන්නේ, මේ job  එක ගැන ඔයා මොනවද දන්නේ,ඔයාට මේ company එක වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්.ඔන්න ඕව තමයි වැඩිපුරම tracy මල්ලිගෙන් අහපු දේවල්.ඇත්තටම tracy මල්ලිට හිතුන දෙයක් තමයි හැම private company එකකම අහන්නේ මේවා වෙන්න ඕන කියන එක.මොකද එයාලට ඕන company එකට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් නිසා.tracy මල්ලිත් ඒවාට උත්තරදීල වෙන මොනව කරන්නද ඉගෙනගත්ත දේවල් ගැන campus එකේ යාලුවෙකුටවත් කියනව කියල හිත හාදා ගත්ත.





දැන්තමයි හොදම ටික.තුන්දෙනාම පිළිවෙලට tracy මල්ලිගේ අඩුපාඩු මොනවද කියල අහන්න ගත්ත.මේ මොකද්ද මේ වෙන්න යන්නේ.කොහොමද tracy මල්ලි tracy මල්ලිගේම අඩුපාඩු කටක් ඇරලා කියන්නේ.tracy මල්ලිගේ අඩුපාඩු දැනගත්තොත් tracy මල්ලිට company එක අතු ගාන job එකවත් දෙන එකක් නෑ. ඕන එකක් කියල පොඩි පොඩි වැරදි දෙක තුනක් කියල දැම්ම.ඔන්න එතකොට තමයි එතන මැද හිටපු pilot තව අඩු පාඩුවක් තියනවා එකත් කියන්න කියුවේ.tracy මල්ලිටත් හොදටම මල,එහෙම එකක් තියනවනම් uncle ම කියන්න කියල කට වහ ගත්ත.මැදින් හිටපු interview pilot ගත්ත ගමන් කියුව, " ඔයා interview එකකට එනකොට කොන්ඩ කැල්ලක් පිටිපස්සෙන් එලියට තියෙන්නේ ඔයාගේ අමතක වීම හෝ නොසැලකිලිමත් වීම නිසා නෙමෙයිද" කියල. tracy මල්ලිට කොන්ඩ කිරිල්ලියෝ පෙන්න ගත්තේ මෙන්න මේ වෙලාවේ.හංගගෙන ආපු කොන්ඩ කෑල්ල එලියට පැනල.දැන් මොන කරන්නද.හිනාවක් දල නිකන් ඉන්න එක තමි tracy මල්ලිට කරන්න උනේ. ඒ වෙලාවේම කතුරක් අරන් නහය කපා ගන්න හිතුන.හැබැයි tracy මල්ලිව මෙතනට ගෙනාපු tonka අයියටත් එයාගේ කොන්ඩේ නිසා මේ talk එකම දුන්න කියල දැන ගත්තම හිනාව නවත්ත ගන්න බැරුව තප්පර 10 ක් විතර ඉදල තමයි යේ Interview එක කරගෙන ගියේ.විනාඩි 30කින් විතර පස්සේ තවපාරක් interview එක කරපු pilotල තුන්දෙනාටම අතට අත දීල එලියට පැන්න කොන්ඩෙත් අරගෙනම.එලියට අවම තමයි tracy මල්ලිට මතක් උනේ ගෙනාපු certificate එකක්වත් තුන්දෙනාම බැලුවේ නෑ නේද කියල.මහන්සි වෙලා tracy මල්ලි හම්බ කරපු certificate මිටිය tracy මල්ලිට අත දී උදවු කරපු tonka අයියට වත් පෙන්නනව කියල හිත හදාගෙන tonka අයිය මුන ගැහෙන්න ගියා.එතකොට තමයි දැනගත්තේ certificate file එක ඕන වෙන්නේ බය උනාම දෙකට නවල තදකරන්න ඉන්න විතරයි කියල.interview කරන යට certificate වලින් වැඩක් නෑ කියල. 


ඉතින් ඔන්න ඔය විදියට තමයි tracy මල්ලිගේ පලවෙනි interview එක ඉවර වුනේ.ඇත්තම කියනවනම් campus එකට ගිහින් ඉගෙන ගත්තේ මොකටද කියලත් මුලදී හිතුන.එත් ඉගෙන ගත්ත දේවල් අහක යන්නේ නෑ කියල හිතුනම degree එක කොහොම හරි ගන්න tracy මල්ලි හිත හදා ගත්ත.job එකකට යනවනම් degree, certificate සේරටම වඩා හැකියාව තමයි ඕන කියල පලවෙනි Interview එකෙන් tracy මල්ලි නම් දැන් තේරුම් අරගෙන ඉන්නේ.degree 10 කරලා interview එකට ගියාම කතා කරලා තමන් ගැන කියා ගන්න බැරුව engine එක off උනොත් degree ටිකත් තියන් ගෙදරට වෙලා ඉන්න තමයි වෙන්නේ.ඉතින් ඔයාල සේරටම මතක් වෙන්න interview එකකට යන්න කලින් කරන්න ඕන දේවල් ටිකක් පහලින් දාන්නම්.



  • Interview එකට එන්න කියන call එකේදී කතාකරන කෙනාගේ නම සහ දුරකථන අංකය ඉල්ලා ගන්න.
  • Interview එකට යනකොට ඉතාමත් පිළිවෙලට යන්න අමතක නොකරන්න.
  • CV එකක් හැදීමේදී වැදගත් කරුණු පමණක් ඇතුල් කරන්න,(මොකද company එක CV එක බලන්න වැයකරන්නේ තත්පර 20 වගේ සුළු කාලයක් නිසා.
  • interview එකට ඇතුල් වෙන තැන සිට එලියට එනතෙක් කරන හැම දෙයක්ම බය වෙන්නේ නැතුව පිළිවෙලකට කරන්න.
  • යන්න කලින් කෑවේ නත්තත් කිරි පැකට් එකක් හරි බීල යන්න නැත්නම් බඩ දගලන්න අරගෙන washroom ගානේ යන්න වේවි.


talk එක කියෙවුව වගේම තව ඔයාල දන්නා දේවල් තියනවනම් comment වලට දාන්න කියලත් tracy මල්ලි ඉල්ලා සිටිනවා.එතකොට මේ talk එක කියවන කෙනෙකුට බය නැතුව interview එකකට යන්න හයියක් ලැබුනොත් comment කරන ඔයාලටත් සතුටක් දැනේවි.


Thursday, October 17, 2013

පොtoshop

ඔන්න අද Tracy මල්ලි ඔයගොල්ලන්ට කියන්න යන්නේ ටිකක් වටිනා මාර්තෘකාවක් ගැන. Photoshop ගැන. ඇත්තටම මේක Photoshop පාඩමක් නම් නෙමෙයි. Photoshop වලින් වැඩකරන විදිය කියල දෙන්න post එකක්වත් නෙමෙයි.මෙච්චර කාලයක් Tracy මල්ලි ගුවන්ගත වෙලා Photoshop සහ art එක කියන දේ ගැන දැකපු දේවල් අහපු දේවල් ඔයගොල්ලන් එක්ක බෙදා ගන්න හදන අවස්ථාවක්.



මොකද දන්නේ නෑ Tracyට එක පාරට මේවගේ post එකක් දාන්න හිතුනේ.ඇත්තටම කියනවනම් Tracy මල්ලි යමක් කමක් කියල දන්නා එකම දේ ඕක තමයි.අධ්‍යාපනය බින්දුවයි, වෙනත් හැකියාවන් බින්දුවයි . දන්නා එකම දේ Photoshop තමයි.ඉතින් ඔන්න අද මේ post එක දාන්න ගෙදරට වෙලා නිවාඩු පාඩුවේ උණු කිරි එකක් බොන ගමන්.සේරටම කලින් Photoshop කියන්නේ මොකද්ද කියල ඔයාලගෙන් ඇහුවොත් මොනවගේ උත්තර ඒවිද.? photos edit කරන software එකක්, photo ලස්සන කරන්න පුළුවන් software එකක්,අපි දන්නා photoshoපයක් නෑ;.... ඔව් ඇත්තටම මම දාපු උත්තර ඔයාලට හිතුනනම් ඒ තුනම හරි.ටික දෙනෙක් දන්නවා මේ මොකද්ද කියල.ඒකෙනුත් ටික දෙනෙක් දන්නවා Photoshop වලින් වැඩ කරන්නේ කොහොමද කියල. ගොඩක් දෙනා නම් දන්නෙම නෑ Photoshop ගැන.එහෙනම් බලමු Tracy මල්ලිට හිතෙන දේ. ඇත්තටම Tracy ගෙ අදහසට අනුවනම් Photoshop කියන්නේ කලාත්මක ඇසක් තියන කෙනෙකුට තමන්ට දැනෙන ඒ කලාව එහෙමත් නැත්නම් art එක පරිගණකයක් යොදාගෙන ඉදිරිපත් කරන්න පුළුවන් අගනා මෙවලමක්. කවුරු හරි මනුස්සයෙකුට කලාව කියන දේ ඇගේ පිහිටලා තියනවනම් ඒ කලාව එලියට දාන්න පුළුවන් එක විදියක් තමයි Photoshop කියන්නේ. හැබැයි කාටවත් Photoshop වලින් තමන්ගේ art එක සම්පුර්ණයෙන්ම පෙන්නන්න ගොඩක් අමාරුයි.


                                      

                                      

උඩින් පෙන්නේ ඒ වගේ කලාත්මක ඇසකින් නිර්මාණය උන රුප දෙකක්. හැබැයි මේ දෙකම අපේ රටේ, Sri lanka වේ අය හදපුවනම් නෙමෙයි. ඔන්න එතකොට හිතෙනදෙයක් තමයි අයි ලංකාවේ යට මේවා බැරිද කියල.ඇත්ටටම බැරි කමක් නෑ, ලංකාවේ මීට වඩා දක්ෂ Photoshop කාරයෝ ඉන්නව ගොඩක්.හැබැයි ඊට වඩා Photoshop ගිරවු ඉන්න ඒක තමයි ලංකාවට හෙනහුරා වෙලා තියෙන්නේ.අද අපේ ලංකාවේ ඉන්නේ කලාත්මක ඇසක් තියන Photoshop කාරයෝ නෙමෙයි. රක්සාවක් හොයාගන්න Photoshop කඩවලට ගිහින් Photoshop පොවා ගත්ත ගිරවු set එකක්.ලොකුවට board එකක් දාල පත්තරේ ලොකුවට add එකක් දාල ඔන්න පටන් ගන්නවා මාස 2න් ගිරා Photoshop කාරයෝ හදන්න.අන්තිමට ඉතින් තනියෙන් Photoshop ඉගෙන ගන්න ආස කෙනෙකුට උනත් එපා වෙනවා මේ ගිරවු කරන වැඩ දැක්කම. Face Book එකට එහෙම ගියාම ඔයාලට ඕනෑතරම මේ වගේ ගිරවුන්ගේ සහ වැඩකට නැතුව කාලය කකා post හදන අය හොයා ගන්න පුළුවන්. අනේ මේවා දැක්කම මටනම් මේ Photoshop කඩකරයොන්ගේ ගෙවල්වලට Dynamite දෙක තුනක් හයි කරලා ගෙදර ඉන්න වෙලාවක් බලල ගිනිකුරක් ගහන්න හිතෙනවා.

                                     

ඉතින් ඔන්න ඕක තමයි දැන් ලංකාවට වෙලා තියෙන ලොකුම කරදරය.කලාව ගොඩ දාන්නා Photoshop යොදාගන්නවා නෙමෙයි.Photoshop යොදාගෙන සල්ලි ගොඩවල් ගහ ගන්න හදන එක තමයි වෙන්නෙ.ඔන්න ඉතින් Tracyට ගුවන් ගත වුන වෙලාවක ඇහුන, මේ වගේ ගිරා Photoshop කාරයෙකුගේ රසබර කතාවක් මතක් උනා.කතාව වෙලා තියෙන්නේ පානදුරේ පැත්තේ Studio එකක.මේ studio එකට එනවලු එක එක විදියේ Photoshop වැඩ වගේම Printing වැඩ. ගොඩක්ම මංගල ජයාරූප සංස්කරණය, උපන්දින සාද වල ජයාරූප කරණය සහ සංස්කරණය වගේ දේවල් තමයි සිද්ද වෙන්නේ.තව ඉදල හිටලා අවමංගල ජායාරුප සස්කරණයත් සිද්ද වෙනවලු. ඉතින් මේ Studio එකට අලුතින් Photoshop දන්න කෙනෙක් ඕන වෙලා එහෙම කෙනෙක්ව බදවා ගත්තලු. පොරට සහතික දෙකක්ම තිබුනලු Photoshop විකුණන කඩ දෙකකින්ම ලැබුන.ඉතින් දවස් තුනක් විතර යනකොට මිනිහට වැඩ දෙක තුනක්ම ලැබුනලු.දෙන දෙන wedding photos හෝ හෝ ගාල edit කරලා මිනිහ එවනවලු.මොකක් දුන්නත් ගිරවා වගේ colors හදල රෝස මල් දාල උඩින් hart එකක් එහෙම දාල පට පට ගල print එකට යවනවලු.මේ සේරම අස්සෙ පානදුරේ පරණ පාරට වෙන්න ගෙදරක තරුණ කාන්තාවක් අභාවප්ප්‍රාත්ත උනාලු.එකේ මළගෙදරට තියන Photo එකේ edit එකක් අවේ මේ studio එකටමලු.ඉතින් මම දැන් කතාවේ ඉතිරි ටික කියන්න ඕන නෑ නේද.කට්ටියට මැවිලා පේනවා ඇති නේද.පොර මල් රෝස මල් දාල මගෙනුත් එකක් කියල hart දෙකක්ම දැම්මලු හිටපු ගනු කෙනා ලස්සන නිසා.Print කලාට පස්සේ හදිසිය නිසා බලන්නෙත් නැතුව ඔතල කරලා කඩේ වාහනේ එලවන පොරට දුන්නලු address එකත් එක්ක ගිහින් මැරුණු කෙනාගේ පෙට්ටිය ලගින්ම තියල එන්න කියල. පැය 5 ක් විතර යන්න ඇති set එකක් බස්සලු Studio එකට. කඩේ අයිති කාරයාගේ shirt එකෙන් අල්ලලා set එකම මාරුවෙන් මාරුවට හොලව හොලව ඉදල ගියා කියල තමයි ආරංචි උනේ.

ඉතින් ඔන්න ඕකතමයි අද ලංකාවේ art එකට වෙලා තියන දේ. Photoshop විතරක් නෙමෙයි හැම පැත්තෙන්ම.චිත්‍රපට සංස්ථාව, ජයාරූපකරණය, දැන්වීම් ප්‍රචාරණය, මේ සේරම කට්ටිය අනාගෙන තියනවා කියලනම් ඕන කෙනෙකුට දැක්කම පේනවා.ඉතින් ඔන්න අද Photoshop ගැන ටෝk එක මෙතනින් නවත්තන්න හදන්නේ.එහෙනම් ඉතින් ඉස්සරහට මම ගුවන්ගත වෙලා තව තව දැකපු දේවල් ඔයාල එක්ක බෙදා ගන්න එන්නම්.



Tuesday, October 15, 2013

Tracy ගුවන්ගත වීමට සැරසෙයි.


ඉංග්‍රීසි තියා සිංහලවත් හරියට ලියාගන්න බැරි Tracy ඔන්න නිවාඩු දවසක උදෙපාන්දරම දත මැදල කරල Tracy ගේ පලවෙනි blog post එක ගුවන් ගත කරන්න තමයි දැන් ලකලෑස්තිවෙන්නේ. Tracy මල්ලිට අදවෙනකන් blog එකක් ලියාගන්න මාරම අසාවෙන් හිටියට කොහෙද කවුරුවත් කියල දුන්නේවත් නෑනේ blog එකක් ලියන්නේ මොකටද, කොහොමද ලියන්නේ කියල. අන්තිමට Tracy මල්ලිට හම්බ උනා මරු යාලුවෙක්. යාලුවෙක්මත් නෙමෙයි, Campus එකේ හිටපු සීනියර්, ලිවීමට සහජ හැකියවාක් ඇති Blog ලියන බස්සි අක්කව.එකත් කැම්පස් එකේ 3 පන්තියේදී. දුක හිතුන මේ වගේ හැකියාවක් තියන බස්සි අක්කාකෙනෙක්ව කලින්ම දැනගත්තනම් දැන් මමත් blog 48768 ක් වත් ලියල. ඔන්න ඉතින් මේක කියවන ඔයාලටත් බස්සිගේ blog කියවන්න ඕනනම් මේක click කරන්න තියෙන්නේ.


සේරටම කලින් Tracyගේ Crazy ටෝk එක ගැන යමක් කියන්නම්කො. Tracy මල්ලිට මෙහෙම එකක් හදන්න හිතිලා දැන් ගොඩක් කල්. Tracy මල්ලි හරිම ආසයි ගුවන්ගත වෙන්න. වැඩිය ඕන නෑ Tracy මල්ලි සීගිරිය බලන්න ගිහින් බාගයක් නගින්න කලින් බිමට දුවගෙන ආවෙ පොලවේ ඉදන් තට්ටටු තුනට වඩා උඩට යන්න තියන මාරාන්තික බය නිසා.ඉතින් කොහොමද plane එකක යන්නේ. ඉතින් ඒ දුක නැති වෙන්නත් එක්ක Tracy මල්ලි හිතුව blog එකකින් වත් ගුවනින් ගිහින් දකින දේවල්, කියන දේවල්, ඇහෙන දේවල් දන්න දන්න කට්ටිය එක්ක share කර ගන්න ඕන කියල.ඔන්න ඉතින් මේ blog එකෙන් එහෙන් මෙහෙන් Tracy මල්ලිගේ ජීවිත කතාව ගැන සදහන් වෙනවා වගේම,Tracy මල්ලිගේ අදහස්, plane එකෙන් එහෙ මෙහෙ ගිහින් හොයා ගත්ත දේවල්. පොඩි පොඩි මඩ පාරවල් වගේ ගොඩක් දේවල් කියවා බලා ගන්න පුළුවන්.

Blog එකට නම ආව හැටි කියනවනම් Tracy මල්ලි ගොඩක් කල්පනා කලා මේකට දාන්න හොද නමක්. පැය 4ක් විතර. ඔහොම කල්පනා කරන කොට එකපාරටම chat එකෙන් බස්සි අක්ක එවුව Tracyගේ Crazy ටෝk කියල.දැන් ඉතින් එපා කියන්නද.එපා කියුවත් මට හිතිලත් නෑ දන්නා නමක්.බස්සි අක්ක එක දාන්න හේතු කියන කොට ඔන්න මටත් ඒකට ආස හිතී ගෙන හිතී ගෙන ආව.ඉතින් මගේ blog ගුරුවරිය තමයි ඔන්න මේ නම හොයලත් දුන්නේ.

ඉතින් ඔන්න Tracy මල්ලිගේ එක ආසාවක් අද මල්පල ගැන්න්වුන.වෙලාවක් ආවම වැඩකට තියන Post එකක් එහෙම දාන්නත් හිතන් ඉන්නවා. එහෙනම් අද ඉදන් ඔයාල සේරටම මේකට ඇවිත් Tracy මල්ලි ගුවන් ගත වෙලා ලියන blog කියවල මොන මොනවා හරි එකතු කර ගන්න කියල පුළුවන්. ඒ වගේම හොද සහ මඩ comment දැමීමේ copyrights ද  කියවන අයට ලබා දෙනවා.