Tuesday, October 15, 2013

Tracy ගුවන්ගත වීමට සැරසෙයි.


ඉංග්‍රීසි තියා සිංහලවත් හරියට ලියාගන්න බැරි Tracy ඔන්න නිවාඩු දවසක උදෙපාන්දරම දත මැදල කරල Tracy ගේ පලවෙනි blog post එක ගුවන් ගත කරන්න තමයි දැන් ලකලෑස්තිවෙන්නේ. Tracy මල්ලිට අදවෙනකන් blog එකක් ලියාගන්න මාරම අසාවෙන් හිටියට කොහෙද කවුරුවත් කියල දුන්නේවත් නෑනේ blog එකක් ලියන්නේ මොකටද, කොහොමද ලියන්නේ කියල. අන්තිමට Tracy මල්ලිට හම්බ උනා මරු යාලුවෙක්. යාලුවෙක්මත් නෙමෙයි, Campus එකේ හිටපු සීනියර්, ලිවීමට සහජ හැකියවාක් ඇති Blog ලියන බස්සි අක්කව.එකත් කැම්පස් එකේ 3 පන්තියේදී. දුක හිතුන මේ වගේ හැකියාවක් තියන බස්සි අක්කාකෙනෙක්ව කලින්ම දැනගත්තනම් දැන් මමත් blog 48768 ක් වත් ලියල. ඔන්න ඉතින් මේක කියවන ඔයාලටත් බස්සිගේ blog කියවන්න ඕනනම් මේක click කරන්න තියෙන්නේ.


සේරටම කලින් Tracyගේ Crazy ටෝk එක ගැන යමක් කියන්නම්කො. Tracy මල්ලිට මෙහෙම එකක් හදන්න හිතිලා දැන් ගොඩක් කල්. Tracy මල්ලි හරිම ආසයි ගුවන්ගත වෙන්න. වැඩිය ඕන නෑ Tracy මල්ලි සීගිරිය බලන්න ගිහින් බාගයක් නගින්න කලින් බිමට දුවගෙන ආවෙ පොලවේ ඉදන් තට්ටටු තුනට වඩා උඩට යන්න තියන මාරාන්තික බය නිසා.ඉතින් කොහොමද plane එකක යන්නේ. ඉතින් ඒ දුක නැති වෙන්නත් එක්ක Tracy මල්ලි හිතුව blog එකකින් වත් ගුවනින් ගිහින් දකින දේවල්, කියන දේවල්, ඇහෙන දේවල් දන්න දන්න කට්ටිය එක්ක share කර ගන්න ඕන කියල.ඔන්න ඉතින් මේ blog එකෙන් එහෙන් මෙහෙන් Tracy මල්ලිගේ ජීවිත කතාව ගැන සදහන් වෙනවා වගේම,Tracy මල්ලිගේ අදහස්, plane එකෙන් එහෙ මෙහෙ ගිහින් හොයා ගත්ත දේවල්. පොඩි පොඩි මඩ පාරවල් වගේ ගොඩක් දේවල් කියවා බලා ගන්න පුළුවන්.

Blog එකට නම ආව හැටි කියනවනම් Tracy මල්ලි ගොඩක් කල්පනා කලා මේකට දාන්න හොද නමක්. පැය 4ක් විතර. ඔහොම කල්පනා කරන කොට එකපාරටම chat එකෙන් බස්සි අක්ක එවුව Tracyගේ Crazy ටෝk කියල.දැන් ඉතින් එපා කියන්නද.එපා කියුවත් මට හිතිලත් නෑ දන්නා නමක්.බස්සි අක්ක එක දාන්න හේතු කියන කොට ඔන්න මටත් ඒකට ආස හිතී ගෙන හිතී ගෙන ආව.ඉතින් මගේ blog ගුරුවරිය තමයි ඔන්න මේ නම හොයලත් දුන්නේ.

ඉතින් ඔන්න Tracy මල්ලිගේ එක ආසාවක් අද මල්පල ගැන්න්වුන.වෙලාවක් ආවම වැඩකට තියන Post එකක් එහෙම දාන්නත් හිතන් ඉන්නවා. එහෙනම් අද ඉදන් ඔයාල සේරටම මේකට ඇවිත් Tracy මල්ලි ගුවන් ගත වෙලා ලියන blog කියවල මොන මොනවා හරි එකතු කර ගන්න කියල පුළුවන්. ඒ වගේම හොද සහ මඩ comment දැමීමේ copyrights ද  කියවන අයට ලබා දෙනවා.

4 comments:

  1. සුපිරියටම ඩිසයින් ඒක කරලා තියෙනවා මල්ලි! හදවතින්ම සුභපතනවා බ්ලොග් ලෝකයේ දුර ගමනක් යන්න. මගේ බ්ලොග් එක ගැන දාපු ඇඩ් එකටත් තැන්කූ ඈ...... ඔන්න මම බ්ලොග් රෝලෙ ඔයාගෙ බ්ලොගත් එල්ලා ගත්තා. දිගටම ලියන්න! ජයවේවා....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතිය් අක්කේ.... ඔයාගේ සම්පුර්ණ ගුරු හරුකම් මත තමයි මේක හැදුනේ...

      Delete
  2. එල එල මචන්.. දිගටම ලියපන්.. ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතිය් වනොජ් .....

      Delete