Friday, November 1, 2013

ඉන්ටview

ජොබ් කට්ටක් හොයාගන්න කලින් interview කියල දෙයක් තියනවා කියල tracy මල්ලි දැනගත්තේ A/L කරන්න ගත්ත කාලේ.ඒ වෙනකන් හිතන් හිටියේ A/L කරලා campus ගියගමන් ජොබ් එකක් කකුල් දෙකටම ගෙනත් දෙනවා කියල.ඔන්න ඉතින් අද tracy මල්ලි ටෝක් කරන්න යන්නේ tracy මල්ලිගේ පලවෙනි interview එක ගැන. ඇත්තටම ඔයලටත් ඉස්සෙල්ලම interview එකකට යන්න ඉන්නවනම් මේක කියවල පොඩි අදහසක් මේ talk එකෙන් ගන්න.අන්තිම හරියට වෙන්න ඔයාලට interview එකකට වැදගත් වේවි කියල හිතෙන talk ටිකක් එකතු කරලත් තියනවා.ඉතින් tracy interview එකක් දැක්ක විදිය ඔයාලට කියන ගමන් interview එකකට යන විදියත් එහෙන් මෙහෙන් කියන්න හදන්නේ.




ඇත්තම කියනවනම් tracy ට campus එක ඉවර වෙනකන් job එකකට යන්න කිසිම උවමනාවක් තිබුනේ නෑ.මොනම විදියකින් හරි degree කොලේ රෝල් කරලා අර ගන්න තමයි උවමනාව තිබුනේ.මාරාන්තික repeat exams ගොඩක් සහ තවත් semester exams මල්ලක්ම තියනවා කරන්න tracy මල්ලිට.ඉතින් ඔය අස්සේ tracy මල්ලිගේ ඉස්කොලේ fit එකක් වගේම campus එකේත් fit එකක් වෙන අයිය කෙනෙක් tracy මල්ලිගේ CV කොලේ ඉල්ලගෙන දැම්මලු ඒ අයිය වැඩකරන කන්තෝරුවට.කන්තෝරුව මොකද්ද කියලනම් කියන්න බෑ බෑ වගේ.උදවු කරපු අයියගේ card එකනම් tonka.දැම්මට මොකද ඕවට Interview කතාකලොත් තමයි පුදුමේ කියල හිතන් tracy මල්ලි පාඩුවේ photoshop පාරක් එහෙම කරගෙන මාසයක් විතර ඉන්නකොට සදුදා දවසක උදේ 9.00 පහුඋනා විතරයි call එකක් ආව කනට මීපැණි දානවා වගේ කටහඩකින්.tracy මල්ලිට සතුටේ බැරුව කවදාවත් නැතුව දන්නේ නැති number එකකින් කෙල්ලෙක් කතාකරනවා ඇහුණාම.ටික වෙලාවක් කතාකරන කොටතමයි tracy මල්ලිගේ කනට පරිප්පු හොදි වැටෙන්න ගත්තේ.මුලින් හලෝ කියල පටන් ගත්ත ගෑනු ළමය මෙන්න කඩු ශිල්පය දන්නා පටන් ගත්ත.මොන කරන්නද tracy මලිත් දන්න විදියට කඩුව හිමිට දාල බැලුවම තමයි තේරුනේ මේ කතා කරන්නේ interview එකට කියල.කරකවල පොලවේ ගැහුවා වගේ tracy මල්ලිව දඩ බඩ ගාල ගැහෙන්න ගත්ත.කොහොම හරි seen එක වෙන්නේ 10.00 ට කියන එකයි තියන තැනයි, දවසයි අමාරුවෙන් අහ ගත්ත.tracy මල්ලි campus එකක ගියපු workshop එකක් කරපු pilot කෙනෙක් කියල තිබුන ඔය විදියට call කලොත් කතා කල කෙනාගේ නම අහ ගන්න කියල.ඉතින් ඕන එකක් කියල කතාකරන කෙනාගේ නමයි phone number එකයි දෙකම ඉල්ලා ගත්තට.ජොබ් එක නැතත් phone number එක හරි තියනවනේ.(කතා කර කෙනාගේ නම ගම අහගන්න එක්ක කොච්චර වටිනවද කියල ඉස්සරහට බලාගන්න පුළුවන් ඔයාලට.) ඉතින් ඔන්න දැන් tracy මල්ලි දස අතේ කල්පනා කරනවා interview එකට යනවද නැද්ද කියල.tracy මල්ලිට උපදෙසක් ගන්න යාලුවෙක්කුත් නෑ ඒ වෙලාවේ.ඉන්න එකම යාලුවත් හොදටම busy.ඕන එකක් ප්‍රීති වෙසක් කියල හෙට යනවා කියල හිතා ගෙන පොඩ්ඩක් හොයල කරලා බැලුව යන විදිය එහෙම.(ඔන්න පහළ තියනවා අදින්න ඕන විදිය interview එකකට යන කලින්)





ඔන්න ඉතින් ඊලග දවසේ උදේ tracy මල්ලි යාලුවො set එකකගේ bording එකක ඉදන් තමයි interview එකට යන්න ලෑස්ති උනේ.ඇත්තටම මේ වගේ වෙලාවක යාලුවෝ set එකක් ඉන්නව කියන්නේ ඕනෑම කෙනෙකුට ලොකු හයියක්.set එකම ඉතින් පුළුවන් හැම විදියටම උදවු කලා.bullet රෑ නොබලා කලිසමක් හොයා ගන්න hire එකක් ගියා.kandy යන පාරවල් interview එකේ අහන කියන දේවල් ගැන පොඩි හෝඩුවාවවල් දෙකතුනක් දුන්න.kawa ත් tracy කොන්ඩේ එහෙම කපාගත්තනම් හොදයි නේද කියල උපදෙසක් දුන්න.(bullet, kandy, kawa කියන්නේ tracy මල්ලිගේ plane එකේ යන බොක්කෙ යාළුවො set එකේ ඉන්න තුන්  දෙනක් ගේ campus එකේ IDs.). කරන්නම බැරිදේ තමයි කොන්ඩේ කපන එක.tracy මල්ලිගේ පිටිපස්සෙන් පොඩි කොන්ඩ කැල්ලක් තියනවා රිතික් රෝසන් ගෙ වගේ add එකට.ගෙදරින් බැනුම් අහල ගොඩක් කරදර මැද්දේ වවපු කොන්ඩ කැල්ලක්.


කොහොම කපන්නද tracy මල්ලිගේ කොන්ඩ කෑල්ල.හිත හදාගන්න බැරි තැන කොන්ඩ කෑල්ල හංගන්න යන්න තීරණය කර ගත්ත.දැන් tracy මල්ලි Interview එකට යන්න හදන්නේ.කලිසම එකෙක්ගේ, shirt එක තව කෙනෙක්ගේ, belt එක තව කෙනෙක්ගේ.ඇදුම් ටිකත් ඉක්මනට iron පාරක් දාගෙන certificate file එක හදා ගන්න වැඩේ bus එකේදී කරන්න හිතාගෙන tracy මල්ලි bording එකෙන් පිටත් උනා.Bus එකෙන් කිරිබත්ගොඩට ගිහින් CV එක print කරන්න හදන කොට තමයි tracy මල්ලිට මතක් උනේ pen එකේ CV එක නෑ කියල.කලින් දවසේ tracy මල්ලි යාලුවගෙන් හොද බැනුමක් අහපු නිසා ඒකෙ අවුලට CV එක desktop එකට copy කරලා තමයි නිදා ගෙන තියෙන්නේ.දැන් මොන කරන්නද CV එක ඉල්ලුවොත් ඔයාලට එවුව ආයිමත් tracy මල්ලිගෙන් ඉලන්න එපා කියල වත් කියන්න හිතාගෙන Bus එකට set උනා.Bus එකේ යන ගමන් තිබුන certificate වල හැඩ බල බල certificate file එකත් ගානට හදාගත්ත. 





දැන් තියෙන්නේ interview එකට යන්න කලින් අදාල තැනට යන්න pass එක ඉල්ලා ගන්න.තව විනාඩි 45ක්ම තිබුන නිසා හිමීට pass එක දෙන තැනට ගියා."අය්යියේ 9027......V number එකට තියන pass එක දෙන්න."මල්ලි එහෙම කෙනෙක්ට pass එකක් ඇවිත් නෑ අපිට." ඔයාලට හිතාගන්න පුළුවන් නේද tracy මල්ලිට මොකක් හිතෙන්න ඇතිද කියල. මොකුත් හිතුනේ නෑ, tracy මල්ලි ලගම තියන toilet එක හොයාගෙන දිවුව බයට ආපු දේවල් දාල එන්න.දැන් කාට කියන්නද මේ දුක,,,, කල්පනා කරනකොට tracy මල්ලිට මතක් උනා කතාකරපු කෙල්ලගේ නම.යන්තම් bullet ට පින් පිණිස interview එකට කතා කරපු ගැහැනු ළමයාගේ number එක ඉල්ලා ගත්ත.pass එක එවල තියන්නේ වෙන තැනකට.call එකක් දීල විනාඩි 15 කින් pass එක ගෙන්න ගත්ත.යන්තම් workshop එක කරපු pilot anty ට පින්සිද්ද වෙන්න ඇතුලට යන්න පුළුවන් උන.ඉතින් ඔයාලටත් Interview වලට call කලොත් මතක් කරලා කතාකරන කෙනාගේ විස්තර ලියාගන්න.මොකට කතා කරන ශ්‍රී ලංකා telecom number එකට call කලා කියල වැඩක් වෙන එකක් නෑම තමයි නිසා. ඔන්න සේරම හරි ගස්සන් interview එකට හති දාගෙන ගියාට interview එක පටන් ගන්නේ 10.30 කියල දැන ගත්ත නිසා tracy මල්ලි tie එකෙන් මුණ පිහිදාගෙන වාඩි වෙලා එතන හිටිය කෙල්ලෝ දිහා බල බල හිටිය.


Mr.(tracy මල්ලිගේ නම) ඔයාද? ඔයා එන්න කියල කියුව ලස්සන කෙල්ලෙක් ඇවිත්.ලොකු බයක් තිබුනේ නම් නැති උනාට මොකද්ද මේ වෙන්න යන්නේ කියල බලන්න tracy මල්ලි file එකට අතට අරන් ඇතුලට ගියා.ඇතුලේ වැඩි වෙලා ඉන්නවා interview එක අරගෙන යන pilotල තුන්දෙනෙක්, tracy මල්ලි දිහා හිනාවක් එහෙම දාගෙන.Morning කියල අතට අත දීල කරලා tracy මල්ලි වාඩි උනා ඉතාමත් සංවරව. ඔන්න දැන් වැඩේ පත්තු වෙන්න යන්නේ.tracy මල්ලි ගැන කියන්න කියල ඔන්න එක pilot කෙනෙක් interview වැඩේ පටන් ගත්ත.tracy මල්ලිත් එන්න කලින් කටපාඩම් කර ගත්ත ඒවා ටිකක් මතක් කරල කඩු පාරවල් දෙක තුනක් දැම්ම. වැඩේ දරුණු නෑ කියල ඔන්න ටිකක් වෙලා ගියාම tracy මල්ලිට තේරෙන්න ගත්ත.tracy මල්ලිගේ campus එකේ poss අය කතා කරන ඉංගිරීසි වගේනම් නෙමෙයි තුන්දෙනාම කියන දේවල් අමාරුවක් නැතුව තේරෙනව කියල.ඉතින් මේ ගමන්ම ඒ තුන්දෙනාටම බොහොම ස්තුති කරනවා tracy මල්ලි ගැන හිතල අමාරු ප්‍රශ්න ඇහුවට ඒවා තේරෙන්න අහපු නිසා. ඉතින් අහපු ඒවානම් ඔයාලට වැඩක් වෙන එකක් නෑ.degree එක ගැන පොඩ්ඩක් ඇහුව, තව බාහිර කරපු දේවල්, computer එක ගැන දන්නේ මොනවද වගේ දේවල් ඇහුව.මොනවා කරලා ගියත් වැඩිපුරම එයාල අහන්නේ එයාලට ඕන කරන දේ විතරයි.මෙතනට ආවම ඔයා කොහොමද වැඩකරන්නේ, මේ job  එක ගැන ඔයා මොනවද දන්නේ,ඔයාට මේ company එක වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්.ඔන්න ඕව තමයි වැඩිපුරම tracy මල්ලිගෙන් අහපු දේවල්.ඇත්තටම tracy මල්ලිට හිතුන දෙයක් තමයි හැම private company එකකම අහන්නේ මේවා වෙන්න ඕන කියන එක.මොකද එයාලට ඕන company එකට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් නිසා.tracy මල්ලිත් ඒවාට උත්තරදීල වෙන මොනව කරන්නද ඉගෙනගත්ත දේවල් ගැන campus එකේ යාලුවෙකුටවත් කියනව කියල හිත හාදා ගත්ත.





දැන්තමයි හොදම ටික.තුන්දෙනාම පිළිවෙලට tracy මල්ලිගේ අඩුපාඩු මොනවද කියල අහන්න ගත්ත.මේ මොකද්ද මේ වෙන්න යන්නේ.කොහොමද tracy මල්ලි tracy මල්ලිගේම අඩුපාඩු කටක් ඇරලා කියන්නේ.tracy මල්ලිගේ අඩුපාඩු දැනගත්තොත් tracy මල්ලිට company එක අතු ගාන job එකවත් දෙන එකක් නෑ. ඕන එකක් කියල පොඩි පොඩි වැරදි දෙක තුනක් කියල දැම්ම.ඔන්න එතකොට තමයි එතන මැද හිටපු pilot තව අඩු පාඩුවක් තියනවා එකත් කියන්න කියුවේ.tracy මල්ලිටත් හොදටම මල,එහෙම එකක් තියනවනම් uncle ම කියන්න කියල කට වහ ගත්ත.මැදින් හිටපු interview pilot ගත්ත ගමන් කියුව, " ඔයා interview එකකට එනකොට කොන්ඩ කැල්ලක් පිටිපස්සෙන් එලියට තියෙන්නේ ඔයාගේ අමතක වීම හෝ නොසැලකිලිමත් වීම නිසා නෙමෙයිද" කියල. tracy මල්ලිට කොන්ඩ කිරිල්ලියෝ පෙන්න ගත්තේ මෙන්න මේ වෙලාවේ.හංගගෙන ආපු කොන්ඩ කෑල්ල එලියට පැනල.දැන් මොන කරන්නද.හිනාවක් දල නිකන් ඉන්න එක තමි tracy මල්ලිට කරන්න උනේ. ඒ වෙලාවේම කතුරක් අරන් නහය කපා ගන්න හිතුන.හැබැයි tracy මල්ලිව මෙතනට ගෙනාපු tonka අයියටත් එයාගේ කොන්ඩේ නිසා මේ talk එකම දුන්න කියල දැන ගත්තම හිනාව නවත්ත ගන්න බැරුව තප්පර 10 ක් විතර ඉදල තමයි යේ Interview එක කරගෙන ගියේ.විනාඩි 30කින් විතර පස්සේ තවපාරක් interview එක කරපු pilotල තුන්දෙනාටම අතට අත දීල එලියට පැන්න කොන්ඩෙත් අරගෙනම.එලියට අවම තමයි tracy මල්ලිට මතක් උනේ ගෙනාපු certificate එකක්වත් තුන්දෙනාම බැලුවේ නෑ නේද කියල.මහන්සි වෙලා tracy මල්ලි හම්බ කරපු certificate මිටිය tracy මල්ලිට අත දී උදවු කරපු tonka අයියට වත් පෙන්නනව කියල හිත හදාගෙන tonka අයිය මුන ගැහෙන්න ගියා.එතකොට තමයි දැනගත්තේ certificate file එක ඕන වෙන්නේ බය උනාම දෙකට නවල තදකරන්න ඉන්න විතරයි කියල.interview කරන යට certificate වලින් වැඩක් නෑ කියල. 


ඉතින් ඔන්න ඔය විදියට තමයි tracy මල්ලිගේ පලවෙනි interview එක ඉවර වුනේ.ඇත්තම කියනවනම් campus එකට ගිහින් ඉගෙන ගත්තේ මොකටද කියලත් මුලදී හිතුන.එත් ඉගෙන ගත්ත දේවල් අහක යන්නේ නෑ කියල හිතුනම degree එක කොහොම හරි ගන්න tracy මල්ලි හිත හදා ගත්ත.job එකකට යනවනම් degree, certificate සේරටම වඩා හැකියාව තමයි ඕන කියල පලවෙනි Interview එකෙන් tracy මල්ලි නම් දැන් තේරුම් අරගෙන ඉන්නේ.degree 10 කරලා interview එකට ගියාම කතා කරලා තමන් ගැන කියා ගන්න බැරුව engine එක off උනොත් degree ටිකත් තියන් ගෙදරට වෙලා ඉන්න තමයි වෙන්නේ.ඉතින් ඔයාල සේරටම මතක් වෙන්න interview එකකට යන්න කලින් කරන්න ඕන දේවල් ටිකක් පහලින් දාන්නම්.



  • Interview එකට එන්න කියන call එකේදී කතාකරන කෙනාගේ නම සහ දුරකථන අංකය ඉල්ලා ගන්න.
  • Interview එකට යනකොට ඉතාමත් පිළිවෙලට යන්න අමතක නොකරන්න.
  • CV එකක් හැදීමේදී වැදගත් කරුණු පමණක් ඇතුල් කරන්න,(මොකද company එක CV එක බලන්න වැයකරන්නේ තත්පර 20 වගේ සුළු කාලයක් නිසා.
  • interview එකට ඇතුල් වෙන තැන සිට එලියට එනතෙක් කරන හැම දෙයක්ම බය වෙන්නේ නැතුව පිළිවෙලකට කරන්න.
  • යන්න කලින් කෑවේ නත්තත් කිරි පැකට් එකක් හරි බීල යන්න නැත්නම් බඩ දගලන්න අරගෙන washroom ගානේ යන්න වේවි.


talk එක කියෙවුව වගේම තව ඔයාල දන්නා දේවල් තියනවනම් comment වලට දාන්න කියලත් tracy මල්ලි ඉල්ලා සිටිනවා.එතකොට මේ talk එක කියවන කෙනෙකුට බය නැතුව interview එකකට යන්න හයියක් ලැබුනොත් comment කරන ඔයාලටත් සතුටක් දැනේවි.


28 comments:

  1. :D nice work aiya.thanx for the tips. keep writing ! all the best :)

    ReplyDelete
    Replies
    1. Thank you nangi for you comment... thanks lot :D :)

      Delete
  2. :D nice work aiya.thanx for the tips. keep writing ! all the best :)

    ReplyDelete
  3. නියම පෝස්ට් එකක්...තෑංකූ මචං

    ReplyDelete
    Replies
    1. බොහොම සස්තුතියි මචන් comment එකට. :)

      Delete
  4. Replies
    1. අහ්හ්හ් delo ,,, ස්තුතියි පුතා..

      Delete
  5. Good Post Tracy malli... bt Hoda wede konda kellata nan... Oka kapanna kila math kila ethi ona taram :P :P

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත....එත් කොහොමද සතියෝ හිතහදාගෙන මේක කපන්නේ....

      Delete
  6. Good Post Tracy malli... bt Hoda wede konda kellata nan... Oka kapanna kila math kila ethi ona taram :P :P

    ReplyDelete
  7. වටින පෝස්ට් එකක් ට්‍රේසි මලයා.... ටොන්කා වැඩ කරන තැන සෙට් කරගන්න පුලුවන් වුනොත් ගොඩම තමයි. එතන බලන්නෙ හැකියාව මිසක් ඩිග්‍රි කොලේ නෙමෙයි. මමත් ගිය කිසිම ඉන්ටර්විව් එකක සර්ටිෆිකට් ෆයිල් එක නම් බලලා නැහැ.

    …ආ... අර වැරදි ගැන අහද්දි උත්තර දෙන්න ඕනෙ විදිය ඔයා දන්නෙ නෑ වගේ. ඒක පොඩි කට්ට වැඩක්. මම මෙතනම ලියන්නද? නැත්නම් ඉන් ඩීටේල් මගේ බ්ලොගේ පෝස්ට් එකක්ම දාන්නද ඔය කොමන් ප්‍රශ්න ටික ගැන? කොහොමද හොඳ?

    ReplyDelete
    Replies
    1. කෙලින්ම ඔයාගේ blog post එකේ link එක අලුත් comment එකකින්ම දාන්නකෝ අක්කේ... එතකොට කස්ටියට ගොඩක් වටිනවා එකත් බලලම යන්න පුළුවන් නිසා....

      Delete
  8. Replies
    1. ඉතාමත් ස්තුතියි අය්යේ මුල ඉදලම බොක්කෙන්ම උදවු කලාට.....

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. සුපිරියි ට්‍රේසියෝ.... :D එල post එක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ස්තුතියි ....කවා

      Delete
  11. ඔන්න ඔයාලට interview එකකට අදින්නේ කොහොමද කියල දැනටමත් රැකියාවක නියත බස්සි අක්කගේ post එක කියෙවුවනම් ඇදුම් පැළදුම් ගැන බය වෙන්න දෙයක් නෑ.. අයේ සුපිරියටම මේ blog post එකේ ඒ ගැන තියනවා.http://bassigenawathana.blogspot.com/2013/11/blog-post.html

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකත් දාලා. පොඩි ඇඩ් එකකුත් දීලා නෙව මගේ පෝස්ට් එක ගැන! .. තැන්කූ මලයා... :)

      Delete
  12. http://bassigenawathana.blogspot.com/2013/11/blog-post.html

    ReplyDelete
  13. tracy මල්ලි බලන්න ආවේ බස්සි පෙන්නපු පාර දිගේ...

    ගොඩක් හොඳ වැඩක් මල්ලි.....දැන් රැකියා වලට යන්න ඉන්න හැමෝටම ප්‍රයෝජනවත් වේවි..

    ReplyDelete
    Replies
    1. //.Morning කියල අතට අත දීල කරලා tracy මල්ලි වාඩි උනා ඉතාමත් සංවරව.//

      මෙතනදී ඔයාද මුලින් අතට අත දුන්නේ( ඒ අයනම් අවුලක් නෑ)....ඉන්ටර්විව් ගැන ප්‍රොග්‍රෑම් එකකදී කියලා දුන්නා මුලින්ම ඉන්ටර්විව් එකට යන කෙනා කවදාවත් අතට අත දෙන්නේ නැහැ.ඒ අය එහෙම කළොත් විතරයි බොහොම ජව සම්පන්නව අතට අත දෙන්න ඕනේ කියලා.

      Delete
    2. හපෝ නෑ නෑ ... එයාල ඉස්සෙල්ලම අත දුන්න. සමහර අය අපි ඉස්සර වෙලා අත දුන්නොත් ඒ අය නොදී ඉන්නවලු ... ඒ වෙලාවට ඉතින් මරාගෙන මැරෙන්න වෙන්නේ. :ඩ

      Delete
  14. මමත් ආවෙ බස්සිගෙ පාරෙන්.හොද විස්තරයක්

    ReplyDelete
    Replies
    1. මොහොම ස්තුතියි damith :) බස්සි අක්ක තමයි මගේ blog ගුරුවරිය..

      Delete